සසරට අප බැඳ තබන්නේද -
සසර මිහිරි තෝතැන්නක් කරන්නේද බැඳීම් ය.
ඉන් මිදෙන මග කටුකය..
සැනසුම බොහෝ ඈතය...,
මිහිරිය..!! මේ මිහි මත සියලු දෙ දමා යා හැකිය මට..
එහෙත් ඒ සියලු දෙ අතර ඔබ නැත..
එහෙයින් දමා යා නොහැක්කේ ඔබ පමණය...
මේ සසර මග ජීවිතය නම් සිහිනයේ
දුක සැප එක්ව බෙදා ගත්,
හදවතක් කිසි විටක තනි නොකොට
පන නල මෙන් ළඟින් උන් අප වන්
ලබැදී සිත් මල් පරව යන සැටි බලන්න..
කැමති වුව අකමැති උව යා යුතුම ගමනකි එය... වෙන් වෙන්ව..
එහෙත් මට දමා යා
නොහැක්කේ ඔබමය...
(මේ ගීයේ ඔබ යනු යශෝධරවන්ද? මා යනු සිදුහත්ද? මට බොහෝ වර සිතේ...!!)
අත්තික්කා මල්
Saturday, June 27, 2015
Thursday, June 25, 2015
ඇතුන් හට නැතිද ඒ දහමේ කරුණා
කඳු මුදුනේ තණ පිටියේ කාපු ඇතා
ගංගා ඇල දොළ කදුරේ නාපු ඇතා
මල් ගෝමර පෙති ගෝමර වැටුණු ඇතා
පූරුවෙ පවට දළ අරගෙන උපන් ඇතා
රනින් කලත් දම්වැල් එහි ගුණය තියා
බදිත් පාද වියත් දෙකක් දුරින් තියා
ඉදින් ඇත් රජුන් සන්සුන් ගමන් ගියා
බතික් පට නිසා දම්වැල් නොපෙනී ගියා
පොවලා සුරා කල ගණනක් ගණන් පිට
කිපිලා ආවාට ඇනලා මරන්නට
තියලා වැන්දෙ කුඹ තල මුණි සරණ පිට
නාලාගිරි ඇතුට හිතිලයි වඳින්නට
කන්දේ කකා ලන්දේ ගිය බෝ සත්තු
වලවේ ගං ඉවුරෙදි අල්ලා ගත්තු
නිල මිරිකා කරුණා කරවා ගත්තු
සාදු සාදු පෙරහැර යන අලි ඇත්තු..
සියලු සතුන් සංසාරෙන් ගොඩ කරනා
මුණි දළදා මුදුන් මල්කඩ ලෙස තබනා
දහම් බර රටක නා හිමිවරු වසනා
ඇතුන් හට නැතිද ඒ දහමේ කරුණා
Wednesday, June 24, 2015
අමාවකයි පුත සිතට මගේ
කාලාන්තරයක් තිස්සෙ මං එක්තරා සිංදුවක් හොයනව. අන්තර්ජාල පීර පීර බැලුවත් ඒක ගයන කෙනෙක්වත්, පදයක් දෙකක්වත් හොයාගන්න තවම ලැබුණේ නෑ.. මටත් ඒ සිංදුවේ මතක මුල් පද පේළි දෙක තුනක් විතරයි. මේ ලෝකෙ ඒ සිංදුව ගායනා කරන, මං අහල තියෙන එකම ගායිකාව අපේ අම්ම.. පුංචි කාලෙ ඇය මාව නිදිකරවන්න ගයපු ගීත අතරෙ ඒ සිංදුව තිබුණ. මොකක්දෝ හිත පහුරු ගාන වේදනාවකින් හිත බර කරන්නත්,දෑස් බොඳ කරන්නත්, සිහින ලෝකෙට එගොඩ කරන්නත් සමත් ගීත එකතුවක් ඇය සතුව තිබුණ. දැන් කල්පනා කරල බලද්දි ඒ එක එකක් ගීත මගේ ජීවිතයට පසු කාලීනව තදින් බලපෑම කර ඇති බවක් තේරෙනව.
අපේ ගමේ ඉස්සර පන්සලත් එක්ක තදින් බැඳුණු ජීවන රටාවක් තිබුණේ. දාන මාන පිරිත් ගෙවල් මළ ගෙවල් වලට වගේම සුහද තාවය මතත් ලොකු හාමුදුරුවො ගෙවල් දොරවල්වලට වැඩිය.උන්වහන්සේ අපේ ගෙදර වැඩම කරපු දවසට පුංචි අපිව ලඟට අරන් "පුතා කැමති නැද්ද සාදු කෙනෙක් වෙන්න" කියල අහනව..උන් වහන්සේ වැඩ හිටිය කුටිය තමයි පුංචි අපි පංසලේ යන්න කැමතිම තැන. ගම කෙලවරේ තියෙන ගල්ලෙන් ආරණ්‍ය සේනාසනයක් වෙච්ච අපේ පංසලේ වැඩ හිටියෙ වනවාසී නිකායෙ ආරණ්‍ය වාසි හාමුදුරුවරු. හාමුදුරුවරුන් වැඩ හිටියෙ ස්වභාවික ගල් ලෙන්වල ඉහලින් කටාරම් කොටලා ගඩොලින් ඉදිරිපස ආවරණය කරල දොරවල් සවි කරපු මැටි යොදාගෙන හදපු හුණු බදාම ආලේප කරපු බිත්ති ඇති කුටි වල. ඒවා හදල තියෙන්නෙ ක්‍රිස්තු වර්ෂ 5, 6 වගේ සියවස්වල කියලයි කියන්නේ.ඉදින් මේවා අතරින් එතරම් උස නොවුනත් ඇතුල් පැත්තෙන් ලෙන් බිම විසාල වපසරියක පැතිරුණු කුටියකයි ලොකු හාමුදුරුවො වැඩ හිටියෙ. තරමක් අදුරු පරිසරයක් ඒ අවට තිබුණ. කුටියට යන්න තිබුණෙත් ගල් අල්ලපු අඳුරු කැලෑ මාර්ගයකින්.
පන්සලෙන් හැමුවේ හැමදාම අමුතු සුවඳක්.ඒ සුවඳට කියන නම මොකක්ද කියල නම් දන්නේ නෑ.පන්සල් සුවඳ වෙන්න ඇති. දැවුණු පහන් තිර පොල් තෙල් හංදුන්කූරු මල්,පරමල්,සුවඳ දුම්, කපුරු, දානේ..සුවඳ එකට එකතු උණ සුවඳක් ඒක. හාමුදුරුවන්ගේ සිවුරෙන් දැනෙන්නෙත් ඒ සුවඳ.. එහෙම කෝමද වෙන්නේ? අපිට ඒ දවස්වල ඒ වගේ ප්‍රශ්න තිබුණ.. දානේ වෙලාව එනකල්, දානෙ බෙදල, දාන සාලාව ලඟට වෙලා එදා දානෙ ගෙනාව අපි හමුරුවන්ගේ වැඩමවීම බලාපොරොත්තුවෙන් ඉන්නව. ඔන්න ඝන්ටාරෙ ගහනව. කැලෑ රොද අතරින් මුලින්ම පෙන්න ගන්නෙ ලොකු හමුරුවන්ව. තද දුඹුරු පාට සිවුරෙන් පාත්‍රය ඉදිරියට කරගෙන වසාගෙන. බිම බලාගත් නෙතින් සන්සුන් පියවර මනිමින් ලොකු හාමුදුරුවො වඩිනව. ඉන් පස්සෙ පෙනෙන්න ගන්නව පොඩි හාමුදුරු ගොල්ලෝ.. ලොකු හාමුදුරුවො අනුකරණය කරමින් පාත්‍රය හංගගෙන. බිම බලාගෙන පොඩි හාමුදුරුවො ගොඩක් පේලියට වඩිනව. ඒක ජීවිතේ දැක විඳපු අපුරුම දර්ශන වලින් ඒකක්ය කියල හිතේ කිසි සැකයක් නැතිවම කියන්න පුළුවන්.
ඔය විදියට දාන මාන කටයුතු ටික ඉවර උනාම අපි යන්නෙ පහළ තියෙන නාග පොකුණ පැත්තට. ඒකට නාග පොකුණය කියල කියන්නේ පෙන හතක නාගයෙක්ව ඒ පොකුණ අසල ගලින් නෙලල තියෙන නිසයි. පොකුණ පැත්තෙන් අත පය හෝදගෙන අයෙත් උඩට ගොඩවෙනකොට කුටිවලින් ඇහෙනව පොඩි හාමුදුරුවරු ගාථා පාඩම් කරන සද්දෙ. අපේ පුංචි හිත්වලට තදින්ම කාවදින විදියට මේ කරුණු කාරණා සිද්ද වෙද්දි මේ පොඩිහාමුදුරුවරු කොයි තරං සැනසිල්ලෙන්ද ඉන්නෙ අපටත් එහෙම වෙන්න ඇත්නම් හැමදාමත් මේ අපුරු සිල් සුවඳේ රැඳෙන්න ඇත්නම් කියල හිතුනු වාර නැතුවම නෙවෙයි..
අන්න ඒ වෙලාවට මතක් වෙන්න ගන්නව මම අර හොයන, අම්ම කියපු සිංදුව..
මතක හැටියට මුල් පද පේළි දෙක මෙහෙමයි...
කලා පිරුණු සඳ හිනා උනත් - අමාවකයි පුත සිතට මගේ
ඈත විහාරේ හෙවිසියේ හඬ - හැන්දෑවට දෙසවනට ඇසේ..
පුර පෝය දාටත් අම්මගේ හිතට අමාවකයිලු , හැමදාම හවසට ඈත විහාරේ හේවිසි හඬ ඇහෙනවලු... මේ පදවල තැවරුණු දුක්බර කතාවට හේතුව ගීත අවසානයේ කියවෙන්නේ
"ගෙදරට පෑයූ පුන් සඳ නෑ අද - ඒ සඳ පායා විහාරයේ" කියලයි.
අම්මගේ ආදරය , සංසාරෙට පෙම් බඳින්න උගන්නපු හැටි. මට දැන් එහෙම හිතෙනව.. ඒක පුදුම හිතෙන මනෝ විද්‍යාත්මක වැඩක්.අම්මල ඒව දන්නෙ කොහොමද? හිතා ගන්න බැරි එකයි...

Saturday, June 20, 2015
රිදී ඉරක් සේ ඇදී ගියා හරහට
'සිද්දිය වෙනකොට අපි හිටියෙ බාර් එකේ' කියල කෙටිකතාවක් තියෙනව අජිත් තිලකසේන මහත්තයගෙ. ඒ මහත්තයව මං දැකල නැහැ එත් ඒක හරි අපුරු විචිත්‍ර මනසක්.කෙටි කතා කවි නෙවෙයි මටනම් ඒවා කොලාජ් චිත්‍ර වගෙයි.එක එක සම්බන්දයක් නැති සඟරා වලින් ගත්තු වර්ණ රූප කෑලි සම්බන්දයක් නැතුවම නෙවෙයි කියල හිතෙන විදියට තැනින් තැන අපිළිවලට අලවපු.ඒවට තිබුනේ අනාඝාතාත්මක රිද්මයක්.ඔය අනාඝතාත්මක කියන වචනේ මට හරියටම තේරුනේ . මහගම සේකර මහත්තයගෙ ''සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණවල රිද්ම ලක්ෂණ'' කියවද්දි .සමාන කොටස් නැවත නැවත යොදද්දී ඒක මෝස්තරයක් වෙනව කියල පොඩි පන්තිවලදී චිත්‍ර ටීචර් කියල දීල තියෙනව. සංගීතයේදීත් තාල වාදය භාණ්ඩ වලින් නිකුත්වෙන්නේ අඛණ්ඩව ගලා යන නැවත නැවත නාදවන ශබ්ද.ඒ සියල්ල ආඝාතාත්මකයි.සමාන හිදැස් සහිතව රිද්මයානුකුල ක්‍රමවත් රටාවකට එකම දේ නැවත නැවත සිදුවීම.
අනාඝාතාත්මක රිද්මය හරියට කඳුරැල්ලක් වගෙයි කියල සේකරයන් කියනව.කඳුරැල්ලක තියෙන්නෙ විවිධ හැඩති කඳු අසමාන දුරවල්වලින් පිහිටන ඒවා අතර ක්‍රමානුකුල බවක් නෑ එත් දුර ඉඳන් බලන කොට දැනෙන අපුරු ගලපියාමක්, සම්පිණ්ඩනයක් ,රිද්මයක් තියෙනව.ඒක හරියට බෝ කොළ වලට සුළඟ වදිනකොට පෙනෙන සුලඟ සුලඟේ රිද්මය වගෙයි කියල සේකරයන් කියනව..තිලකසේන මහත්තයගෙ මාරියාවේ එන එක කවියක්..තියෙනව 'මන්ද' කියල. (කොටසක්)
.........................
වරක් මම
පදිකාව දිගේ එමින් සිට නිකමට
ඔබ දන්නවද බලන්ඩ
තැපැල් පෙට්ටිය ඉදිරිපිට
රේන්ද සළු පිලි හලට එබුනා
වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්
ඔබේ සිනහව
රිදී ඉරක් සේ ඇදී ගියා හරහට
..............
මටනම් ඒක කවියක් නෙවෙයි චිත්‍රයක්... :)
කවි කියන සාහිත්‍ය මාද්‍යයයි චිත්‍ර කියන රූපණ මාද්‍යයි අතර සහ සම්බන්දෙ හොයපු අය ලෝකේ ඉන්නව.අපේ රටේ හිටි එහෙම කෙනෙක් තමයි මහගම සේකර මහත්තය. එතුමා එතුමාගේ හෙට ඉරක් පායයි පොතේ රූපමය කවි අත්හදා බලනව.
පස්සේ මම ඒ වගේ එව දැක්කේ අජිත් තිලකසේන මහත්තයගේ පොත්වල. මේ ඒවායින් කිහිපයක්
ඒ මහත්මය ඒත් හැඳින්නුවේ සංයුක්ත කවි කියල. පුද්ගලිකව මට හිතෙනව අජිත් තිලකසේන මහත්මය වචන භාවිතයෙන්ලියන කවි අතරෙ එතුමා භාෂාවෙන් මවනසංයුක්ත රූප එතුමාගේ මේ ආකාරයේ සංයුක්ත කවි වලට වඩා ප්‍රභලයි කියල. කොහොමහරි පස්සෙන් පහු ගොඩක් සංයුක්ත කවි දැකගන්න ලැබුන. මටත් කාලයක් සංයුක්ත කවි උණ හැදිල තිබුණ :) ඒත් යොදපු ගොඩක් උත්සාහයන් අසාර්ථකඋනා කියල දැනුන නිසා වැඩේ අතැරලා දැම්ම. මේ ඒ උණ කාලෙ මං හදපු එකක් දෙකක්. මේවා කොච්චර සාර්ථකද කියලනම් දන්නේ නෑ.
ප: ලි : මගේ සටහනේ නොගැලපෙන තැන් තියෙන්න පුළුවන්.ඇත්තෙන්ම මම විස්වාස කරන විදියට සිත කියන්නේ සංවිධානාත්මක දෙයක් නෙවෙයි.මට ඕනේ උනෙත් යම් මොහොතක මගේ සිතුවිලි හැසිරුණු විදිය සටහන් කරලා තියන්න විතරයි...
අනාඝාතාත්මක රිද්මය හරියට කඳුරැල්ලක් වගෙයි කියල සේකරයන් කියනව.කඳුරැල්ලක තියෙන්නෙ විවිධ හැඩති කඳු අසමාන දුරවල්වලින් පිහිටන ඒවා අතර ක්‍රමානුකුල බවක් නෑ එත් දුර ඉඳන් බලන කොට දැනෙන අපුරු ගලපියාමක්, සම්පිණ්ඩනයක් ,රිද්මයක් තියෙනව.ඒක හරියට බෝ කොළ වලට සුළඟ වදිනකොට පෙනෙන සුලඟ සුලඟේ රිද්මය වගෙයි කියල සේකරයන් කියනව..තිලකසේන මහත්තයගෙ මාරියාවේ එන එක කවියක්..තියෙනව 'මන්ද' කියල. (කොටසක්)
.........................
වරක් මම
පදිකාව දිගේ එමින් සිට නිකමට
ඔබ දන්නවද බලන්ඩ
තැපැල් පෙට්ටිය ඉදිරිපිට
රේන්ද සළු පිලි හලට එබුනා
වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්
ඔබේ සිනහව
රිදී ඉරක් සේ ඇදී ගියා හරහට
..............
මටනම් ඒක කවියක් නෙවෙයි චිත්‍රයක්... :)
කවි කියන සාහිත්‍ය මාද්‍යයයි චිත්‍ර කියන රූපණ මාද්‍යයි අතර සහ සම්බන්දෙ හොයපු අය ලෝකේ ඉන්නව.අපේ රටේ හිටි එහෙම කෙනෙක් තමයි මහගම සේකර මහත්තය. එතුමා එතුමාගේ හෙට ඉරක් පායයි පොතේ රූපමය කවි අත්හදා බලනව.
පස්සේ මම ඒ වගේ එව දැක්කේ අජිත් තිලකසේන මහත්තයගේ පොත්වල. මේ ඒවායින් කිහිපයක්
ප: ලි : මගේ සටහනේ නොගැලපෙන තැන් තියෙන්න පුළුවන්.ඇත්තෙන්ම මම විස්වාස කරන විදියට සිත කියන්නේ සංවිධානාත්මක දෙයක් නෙවෙයි.මට ඕනේ උනෙත් යම් මොහොතක මගේ සිතුවිලි හැසිරුණු විදිය සටහන් කරලා තියන්න විතරයි...
Monday, June 3, 2013
යලිත් සියපත් නොපිපෙන
මානස විලක් අස වාඩිගෙන
පරඬල් වනතුරුම වෙයන් කෑ
ජිවිතේ කටු සටහන් සොයමි...
රුපකයක් නොවුණි සසැඳුන
සඳවතම නෙවෙයිදෝ ඒ වත
උපමාවට ගත්තු සයුරත්
නැංගුරම්ලා ය ඇස යට
විසුල කොකුමගර දියව
ලවන රසයට මුසුව
අමුතු අපුලක තැවෙන දෑසක
කවියක් සොයා වෙහෙසෙමි...
මානස විලක් අස වාඩිගෙන
පරඬල් වනතුරුම වෙයන් කෑ
ජිවිතේ කටු සටහන් සොයමි...
රුපකයක් නොවුණි සසැඳුන
සඳවතම නෙවෙයිදෝ ඒ වත
උපමාවට ගත්තු සයුරත්
නැංගුරම්ලා ය ඇස යට
විසුල කොකුමගර දියව
ලවන රසයට මුසුව
අමුතු අපුලක තැවෙන දෑසක
කවියක් සොයා වෙහෙසෙමි...
Sunday, February 26, 2012
හුරු පුරුදු
මුහුණක්ය
මිතුරු ඇරයුම් ගොනුවේ
වසර ගණනකට පෙර
පාසලේ
සුදුපාට මතකයක
කහට පැල්ලමක් සේ
තවම ඇත
අවසාන දවසෙදිත්
සමරු පොත්වල
'සදාකල් අපේ මිතු දම
පවතීවි'
කියා ලිවූ
මහරු සුන්දර
බොරුව
කොයිතරම් කාලයක් ගතවීද ඉන් පසුව
අපි බොහෝ දුර ගිහින් අපිට හිමි ගමන්වල
ඉතින් මම එදා සිටි ඔබේ මිතුර නොවෙය්
ඔබත් මට එදා සිටි මගේ මිතුරා නොවෙය්
මහා බර කුණු කසල පිරුණු ඔලු ගෙඩි අතැර
හදවතේ නාමයෙන් යලිත් එක්වනු පිණිස
එකඟවෙමි ඔබ එවූ සුහද මිතු ඇරයුමට
අවසාන පේලි ටික මකා දුර මතකයේ
මිතුර දැන් අයෙමත් පටන් ගමු
මුල ඉඳන්
හැමදේම
මිතුරු ඇරයුම් ගොනුවේ
වසර ගණනකට පෙර
පාසලේ
සුදුපාට මතකයක
කහට පැල්ලමක් සේ
තවම ඇත
අවසාන දවසෙදිත්
සමරු පොත්වල
'සදාකල් අපේ මිතු දම
පවතීවි'
කියා ලිවූ
මහරු සුන්දර
බොරුව
කොයිතරම් කාලයක් ගතවීද ඉන් පසුව
අපි බොහෝ දුර ගිහින් අපිට හිමි ගමන්වල
ඉතින් මම එදා සිටි ඔබේ මිතුර නොවෙය්
ඔබත් මට එදා සිටි මගේ මිතුරා නොවෙය්
මහා බර කුණු කසල පිරුණු ඔලු ගෙඩි අතැර
හදවතේ නාමයෙන් යලිත් එක්වනු පිණිස
එකඟවෙමි ඔබ එවූ සුහද මිතු ඇරයුමට
අවසාන පේලි ටික මකා දුර මතකයේ
මිතුර දැන් අයෙමත් පටන් ගමු
මුල ඉඳන්
හැමදේම
Saturday, February 25, 2012
Subscribe to:
Posts (Atom)