Saturday, June 20, 2015

රිදී ඉරක් සේ ඇදී ගියා හරහට

'සිද්දිය වෙනකොට අපි හිටියෙ බාර් එකේ' කියල කෙටිකතාවක් තියෙනව අජිත් තිලකසේන මහත්තයගෙ. ඒ මහත්තයව මං දැකල නැහැ එත් ඒක හරි අපුරු විචිත්‍ර මනසක්.කෙටි කතා කවි නෙවෙයි මටනම් ඒවා කොලාජ් චිත්‍ර වගෙයි.එක එක සම්බන්දයක් නැති සඟරා වලින් ගත්තු වර්ණ රූප කෑලි සම්බන්දයක් නැතුවම නෙවෙයි කියල හිතෙන විදියට තැනින් තැන අපිළිවලට අලවපු.ඒවට තිබුනේ අනාඝාතාත්මක රිද්මයක්.ඔය අනාඝතාත්මක කියන වචනේ මට හරියටම තේරුනේ . මහගම සේකර මහත්තයගෙ ''සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණවල රිද්ම ලක්ෂණ'' කියවද්දි .සමාන කොටස් නැවත නැවත යොදද්දී ඒක මෝස්තරයක් වෙනව කියල පොඩි පන්තිවලදී චිත්‍ර ටීචර් කියල දීල තියෙනව. සංගීතයේදීත් තාල වාදය භාණ්ඩ වලින් නිකුත්වෙන්නේ අඛණ්ඩව ගලා යන නැවත නැවත නාදවන ශබ්ද.ඒ සියල්ල ආඝාතාත්මකයි.සමාන හිදැස් සහිතව රිද්මයානුකුල ක්‍රමවත් රටාවකට එකම දේ නැවත නැවත සිදුවීම.
අනාඝාතාත්මක රිද්මය හරියට කඳුරැල්ලක් වගෙයි කියල සේකරයන් කියනව.කඳුරැල්ලක තියෙන්නෙ විවිධ හැඩති කඳු අසමාන දුරවල්වලින් පිහිටන ඒවා අතර ක්‍රමානුකුල බවක් නෑ එත් දුර ඉඳන් බලන කොට දැනෙන අපුරු ගලපියාමක්, සම්පිණ්ඩනයක් ,රිද්මයක් තියෙනව.ඒක හරියට බෝ කොළ වලට සුළඟ වදිනකොට පෙනෙන සුලඟ සුලඟේ රිද්මය වගෙයි කියල සේකරයන් කියනව..තිලකසේන මහත්තයගෙ මාරියාවේ එන එක කවියක්..තියෙනව  'මන්ද' කියල. (කොටසක්)

.........................

වරක් මම
පදිකාව දිගේ එමින් සිට නිකමට
ඔබ දන්නවද බලන්ඩ
තැපැල් පෙට්ටිය ඉදිරිපිට
රේන්ද සළු පිලි හලට එබුනා

වේගයෙන් ගසාගෙන ගිය බස් එකක
දවසක්

ඔබේ සිනහව
රිදී ඉරක් සේ ඇදී ගියා හරහට

..............

මටනම් ඒක කවියක් නෙවෙයි චිත්‍රයක්... :)

 කවි කියන සාහිත්‍ය මාද්‍යයයි චිත්‍ර කියන රූපණ මාද්‍යයි අතර සහ සම්බන්දෙ හොයපු අය ලෝකේ ඉන්නව.අපේ රටේ හිටි එහෙම කෙනෙක් තමයි මහගම සේකර මහත්තය. එතුමා එතුමාගේ හෙට ඉරක් පායයි පොතේ රූපමය කවි අත්හදා බලනව.


පස්සේ මම ඒ වගේ එව දැක්කේ අජිත් තිලකසේන මහත්තයගේ පොත්වල. මේ ඒවායින් කිහිපයක්


 ඒ මහත්මය ඒත් හැඳින්නුවේ සංයුක්ත කවි කියල. පුද්ගලිකව මට හිතෙනව අජිත් තිලකසේන මහත්මය වචන භාවිතයෙන්ලියන කවි අතරෙ එතුමා භාෂාවෙන් මවනසංයුක්ත රූප එතුමාගේ මේ ආකාරයේ සංයුක්ත කවි වලට වඩා ප්‍රභලයි කියල. කොහොමහරි පස්සෙන් පහු ගොඩක් සංයුක්ත කවි දැකගන්න ලැබුන. මටත් කාලයක් සංයුක්ත කවි උණ හැදිල තිබුණ :) ඒත් යොදපු ගොඩක් උත්සාහයන් අසාර්ථකඋනා කියල දැනුන නිසා වැඩේ අතැරලා දැම්ම. මේ ඒ උණ කාලෙ මං හදපු එකක් දෙකක්. මේවා කොච්චර සාර්ථකද කියලනම් දන්නේ නෑ.



ප: ලි :  මගේ සටහනේ නොගැලපෙන තැන් තියෙන්න පුළුවන්.ඇත්තෙන්ම මම විස්වාස කරන විදියට සිත කියන්නේ සංවිධානාත්මක දෙයක් නෙවෙයි.මට ඕනේ උනෙත් යම් මොහොතක මගේ සිතුවිලි හැසිරුණු විදිය සටහන් කරලා තියන්න විතරයි...

1 comment: